වව්නියාව මුරුගන්නූරු ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු පැහැරගෙන ගොස් රුපියල් ලක්ෂ 10ක චෙක්පත් දෙකක් ලියවා කප්පම් වශයෙන් ලබාගත් බව කියන දෙදෙනකු වව්නියාව නගරයේදී අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
රෙදිපිළි ආනයනය කර අලෙවිකරන නාගේන්ද්‍රන් ජෙයරාජ් (60) ව්‍යාපාරිකයාගෙන් රෙදිපිළි මිලට ගන්නා ආකාරයෙන් මුදල් ලබාගැනීමට තැත් කළද එය ව්‍යර්ථ වීමෙන් පසු පැහැරගෙන ගොස් ඔහුගේ කටට ගල් කැබැල්ලක් තබා අත් පා බැඳ ඇත. චෙක් පත්වලට අත්සන් ගැනීමෙන් පසුව ව්‍යාපාරිකයා නිදහස් කර ඇති අතර ඔහු පොලිසියට පැමිණ පැමිණිල්ලක් කර ඇත.
පැහැරගැනීම සඳහා යොදාගත් වෑන් රථය හා තවත් සැකකරුවකු කොළඹ ප්‍රදේශයට පළා ගොස් ඇති අතර පොලිසිය ඔහු අත් අඩංගුවට ගැනීමට සොයයි.

