සිංහරාජයෙන් කපන ලදැයි කියන රුපියල් දස කෝටියක් පමණ වටිනා වල්ලා පට්ටා තොගයක් සමග අත් අඩංගුවට ගත් සැකකරුවන් නව දෙනා එක් අයකුට රුපියල් පනස්දහස බැගින් වු ශරීර ඇප මත මුදා හරින්නැයි රත්නපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සමන් කුමාර මහතා නියෝග කළේය.
ඉසුරු සම්පත් ,චන්න කුමාර,ජානත සමන්ත,ගාමිණි කුමාර,ලසන්ත ඉන්දික, ආර් ප්‍රේමතිලක, සරත් කොඩිතුවක්කු,ටෙනිසන් රූපසිංහ හා මහින්ද ගුණතිලක මෙසේ ඇප ලැබුවෝ වෙති.
නඩුව ලබන 28 වැනිදාට කල් තැබු අතර එදිනට අඩවි වන තක්සේරු වාර්තාවක් කැඳවා කරුණු ඉදිරිපත් කරන්නැයිද මහේස්ත්‍රාත්වරයා අයගම පොලීසියට නියෝග කළේය.