වල්ලපට්ටා රට පන්නන්න හැදු ලාංකිකයෙක් අල්ලයි


( ටී.කේ .ජී.කපිල )
                   
නීතිවිරෝධී ලෙස වල්ලපට්ටා තොගයක් මස්කට් බලා රැගෙන යෑමට තැත් කළ 31 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙක් (31) කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
 
මොහු කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.  
 
ඔහු රැගෙන ආ ගමන් මල්ලේ රුපියල් 21,40,000 ක් වටිනා වල්ලපට්ටා කිලෝ ග්‍රෑම් 24 යි ග්‍රැම් 700 ක ප්‍රමාණයක් සඟවා ගෙන තිබී සොයා ගෙන ඇත.