(ටී.කේ.ජී.කපිල)
ජංගම දුරකථන සහ වල්ලපට්ටා තොගයක් නීතිවිරෝධී ලෙස ඩුබායි වෙත රැගෙන යෑමට තැත් කළ පුද්ගලයින් දෙදෙනෙක් අද (15) කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පවසයි.
මේ පුද්ගලයින් දෙදෙනා 39 සහ 41 වයස් වල පසුවන කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.
මොවුන් දෙදෙනා රැගෙන ආ ගමන් මලු තුළ වූ පෙට්ටි වල අසුරා තිබූ ජංගම දුරකථන සහ වල්ලපට්ටා තොගය රැගෙන විත් තිබේ.
මෙම පෙට්ටි තුළ ජංගම දුරකථන 157 ක් ද ඒවායේ වටිනාකම රුපියල් 18,84,000 කි. වල්ලපට්ටා කිලෝ ග්‍රෑම් 15 ක් ද සගවා ගෙන තිබූ අතර ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 9 කි. මේ සියල්ලේම වටිනාකම රුපියල් 27,84,000 ක් බව රේගුව සදහන් කරයි.
මොවුන් තම ගමන් මල්ලේ මුලින්ම වල්ලපට්ටා තොගය අසුරා , එය වැසී යන පරිදි ජංගම දුරකථන තොගය අසුරා ගෙන තිබූ බව රේගුව පවසයි .

