වල්ලපට්ට ගහෙන් රට සල්ලි අදී


වල්ලපට්ටා අපනයනයට හා වාණිජ වශයෙන් වල්ලපට්ටා වගා කිරීමටත් ඇමැති මණ්ඩලය අද අනුමැතිය දුන්නේය.

ගයිරිනෝප්ස්වල්ල  යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන ශාඛය ශ්‍රී ලංකාව, ඉන්දියාව, තායිලන්තය වැනි ආසියා රටවල වැවේ.

වල්ලපට්ට ගහේ දුම්මල හෙවත් කුණෙන් හටගන්නා ශ්‍රාවය ප්‍රංශය වැනි රටවල අධික මිලැති සුවඳ විලවුන් තනා ගැනීමට යොදාගනී.

ගමේ ගොඩේ ළඳු කැලෑවල වැවෙන වල්ලපට්ටා ගැමියන් එදා සිට බොහෝ දුරටම පාවිච්චි කළේ වැට බැඳීමට පට්ටා ගැනීම සඳහායි. වැඩුණු වල්ලපට්ටා ගස විදුම් යන්ත්‍රයකින් සිදුරු කර උත්තේජනයක් ඇතිකිරීමෙන් එම දුම්මල හෙවත් ශ්‍රාවය ලබාගැනීමේ උපක්‍රම දැන් ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවද අනුගමනය කර ඇත.

වල්ලපට්ටා ප්‍රවාහනය ශ්‍රී ලංකාවේ තහනම් කර ඇත.

වල්ලපට්ට ප්‍රවාහනය සන්තකයේ තබා ගැනීම ආදියට ඉඩදීම සඳහා රජය පියවර ගන්නා බවද ඇමැති රාජිත සේනාරත්න මහතා පවසයි.