වල් නාශකයත් වල් වෙලා


කුඹුරුවලට යොදන ඇතැම් වල් නාශක ප්‍රමිතියෙන් තොර අලෙවි කිරීම නිසා වල් මර්දනය සිදු නොවන බව ගොවි සංවිධාන නියෝජිතයෝ හම්බන්තොට දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු  රැස්වීමේ දී පැවසුහ.

නිවැරදි වල් නාශක තෝරා ගැනිම ගැටළුවක් වී තිබෙන හෙයින් සුදුසු වල්නාශක මොනවාදැයි ගොවීන් දැනුවත් කළ යුතු බවද හොර වල්නාශක වර්ග වෙළඳපොළෙන් ඉවත් කිරීමට කටයුතු කරන ලෙසටද ගොවිහු ඉල්ලා සිටිති.

කෘෂි රසායනික ද්‍රව්‍ය අලෙවි කරන ස්ථාන වල අලෙවියට තබා ඇති වල්නාශක මෙන්ම වෙනත් පොහොර හා කෘෂි රසායන ද්‍රව්‍යය සාම්පල පරීක්ෂා කිරීමට කටයුතු කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන ලෙසට හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් ආර්.සී.ද සොයිසා  මහතා හම්බන්තොට දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂක හේමන්ත අමරසිංහ මහතාට උපදෙස් දුන්නේය.