අනුරාධපුර කුරුණෑගල ප‍්‍රධාන පාරේ තලාව මොරගොඩ ප‍්‍රදේශයේදී පාර හරහා මාරු වෙමින් ගිය වල් අලියකු යතුරු පැදියක ගැටීමෙන් එහි පිටුපස ගමන් ගත් කාන්තාවක බරපතල තුවාල ලබා අද ( 04) අලුයම රෝහල් ගත කරනු ලැබ ඇතැයි තලාව පොලිසිය කියයි.
ඥාතියකුගේ නිවසේ රාති‍්‍රය ගත කොට සිය සැමියා සමඟ යතුරු පැදියේ නැගී ගලෙන්බිඳුණුවැව බලා යද්දී මෙසේ තුවාල ලබා ඇත්තේ මාලනී රාජපක්ෂ නමැති 38 හැවිරිදි කාන්තාවකි.
ප‍්‍රතිකාර සඳහා තලාව රෝහලට ඇතුළු කිරීමෙන් පසුව වැඩිදුර ප‍්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත. කාන්තාවගේ දකුණු කකුල අස්ථි බිඳීමකට ලක්ව ඇති අතර රෝහලේදී ඇයට සැත්කමක් සිදු කළ බව රෝහල් ප‍්‍රකාශකයෙක් පැවසීය.

