
(අනිල් ගාමිණි, සංජීවනී කෝට්ටේගොඩ සහ ආම්.එම්.ජේ.බාණ්ඩාර)
කොළඹ කොටුවේ සිට කන්කසන්තුරේ දක්වා ගමන් ගත් රාත්‍රී තැපැල් දුම්රියේ ගල්ගමුව ප්‍රදේශයේදි ඊයේ රාත්‍රී 11.30ට පමණ වල් අලි රංචුවක් ගැටීමෙන් වල් අලි තිදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.
ගල්ගමුව දුම්රිය ස්ථානයට කිලෝමීටර්යක් පමණ දුරින් මෙම අනතුර සිදුව තිබේ.
අනතුරින් පැයකට පමණ පසු යලි දුම්රිය ගමන් ආරම්භ කර තිබේ.


