පුත්තලම - අනුරාධපුර මාර්ගය ඇතකු සහා වල් අලියකු සැරි සැරීම හේතුවෙන් පැය එක හමාරකට ආසන්න කාලයක් අවහිර වී තිබූ බව කරුවලගස්වැව වනජීවි කාර්‍යාලය කියයි.
ඇතා පුත්තලම හයේ කණුව සෙල්ලංකන්දල් ප්‍රදේශයේ මාර්ගයේ ගමන් කිරීමට නොහැකි වන ලෙස රැදී සිටීම හේතුවෙන් පාපැදි,යතුරුපැදි,ත්‍රිවිල්,කාර්,අත් ට්‍රැක්ටර් යන කුඩා වාහන මාර්ගයේ ගමන් කිරීමට නොහැකිව රැදී සිටි අතර පොලිස් නිලධාරීන් පැමිණ වාහන හසුරවමින් ටිපර් රථ බස් රථ වැනි බර වාහන නවතා ඒ පසු පසින් කුඩා වාහන ගමන් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකළ බව පුත්තලම කොට්ඨාශ රථවාහන අංශය පවසයි.
පසුව එම ස්ථානයට පැමිණි කරුවලගස්වැව වනජීවි කාර්‍යාලයේ වන අඩවි ආරක්ෂක නිළධාරි ලක්ෂ්මන් රෝහිත මහතා ඇතුළු කණ්ඩායම වල් අලියා සෙල්ලංකන්දල් රක්ෂිතයට පලවා හැර ඇත.







