වලස්මුල්ල රෝහලේ ඖෂධ ගබඩාව ගිනිගනී


(චන්ද්‍ර සේන ගමගේ)

වලස්මුල්ල මූලික රෝහලේ ඖෂධ ගබඩාව ඊයේ (01) රාත්‍රී ගිනිගැනීම නිසා ගබඩා කර තිබූ රුපියල් ලක්ෂ 10 ක පමණ ඖෂධ විනාශයට පත්ව ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් පවසයි.

රෝහල් සේවකයෝ ගින්න නිවා දැමූ බවත්  විදුලි කාන්දුවක්  මගින් ගින්න ඇති වී ඇතැයි පවසති.