වලස්මුල්ල රෝහලට අකුණු සැරෙන් හානි


(චන්ද්‍රසේන ගමගේ සහ දෙනගම යසන්ත ආරියසේන)

වලස්මුල්ල මූලික රෝහලේ විශේෂ ප්‍රතිකාර ඒකකයට අකුණු සැර වැදීමෙන් එම ඒකකයට දැඩි හානි සිදුව ඇති බව වලස්මුල්ල පොලීසිය පවසයි.

අධික වැස්සත් සමඟ අද සවස 2.00ට පමණ මෙම අකුණ සැර වැදී ඇති අතර ඒ අවස්ථාව වන විට විශේෂ ප්‍රතිකාර ඒකකයේ රෝගීන් තිදෙනකු සිට ඇති අතර ඔවුන් වහාම මුදා ගෙන දැඩි සත්කාර ඒකකයට රැගෙන ගිය බව  රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

අකුණ වැදීමත් සමඟ විශේෂ ප්‍රතිකාර ඒකකයේ තිබූ වටිනා සෞඛ්‍ය උපකරණ රැසකට හානි වී තිබේ. සිදු ව ඇති අලාභය ලක්ෂ සියය ඉක්මවිය හැකි බව රෝහල් තොරතුරු වලින් වාර්තා වේ.