වලවේ අඹ කුණු ගොඩට


ඇඹිලිපිටිය, උඩවලව හා කොළඹගේආර ඇතුළු වලවේ කලාපයේ අඹ මිල පහළ වැටී දහස් ගණන් අඹ විසි කිරීමට සිදු වී ඇතැයි අඹ වගා කළ අය කියති.

ගවයින්ගේ කෑම සඳහා ඉඳුණු අඹ ගොඩවල් තැන තැන ගොඩ ගසා ඇත.

කර්තකොලොම්බු අඹ ගෙඩියක් ගහ යට දී රුපියල් හතරට පහට අලෙවි විය. රට අඹ රුපියලකි. කොහු අඹවලට මිලක් ඇත්තේම නැත.