කෙසෙල්වලට හා වීවලට සාධාරණ මිලක් ඉල්ලමින් වලව ගොවියෝ අද ඇඹිලිපිටිය නගරයේ උද්ඝෝෂණයක් ඇරඹූහ. වී කිලෝවේ මිල රුපියල් 25 දක්වාත් ඇඹුල් කෙසෙල් කිලෝව රුපියල් 15 ක් හා කෝලිකුට්ටු කිලෝව රුපියල් 45ක් දක්වාත් පහත බැස ඇතැයි ඔවුහු කියති.
කොළඹ කෝලිකුට්ටු කිලෝව රුපියල් 100 ඉක්මයි.ඇඹුල් කිලෝව රුපියල් 60කි. වලව වැඩිදෙනා කෙසෙල් ගොවියෝය. කෙසෙල් මිල මෙතරම් පහත බැසීමට හේතුවී ඇත්තේ කෙසෙල් ව්‍යාපාරිකයන් එකතුවී කෙසෙල් වගාකිරීම හේතුවෙන් යැයි දැනගන්නට ඇත.

