වලල්ලාවිට හිටපු ප්‍රා.ස.උප සභාපතිට එරෙහි වරෙන්තු ආපසු කැඳවීමට නියෝග


(මනෝප‍්‍රිය ගුණසේකර)

වලල්ලාවිට ප‍්‍රාදේශිය සභාවේ හිටපු සභාපති උදේනි අතුකෝරල මහතා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස නියම කරමින් නිකුත් කර  තිබු වරෙන්තුව ආපසු කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා  නියම කළේය.

අධිකරණයේ පෙනී සිටිමින් තමන්ට නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවනුනැයි කළ ඉල්ලීමක් පිළිගනිමින් වරෙන්තුව ආපසු කැඳවනු ලැබු විනිසුරුවරයා ලබන නඩු දිනයේදී අධිකරණයේ පෙනී සිටින ලෙස විත්තිකරුට නියම කළේය.

වලල්ලාවිට ප‍්‍රාදේශිය සභා බලප‍්‍රදේශය තුළ පස් ප‍්‍රවාහණය කිරීම සඳහා බලපත‍්‍රයක් ලබාදිම සඳහා රුපියල් ලක්‍ෂ 10 ක අල්ලසක් ඉල්ලා ලබා ගන්නා ලදැයි උදේනි අතුකෝරල මහතාට එරෙහිව පවරා ඇති නඩුව මීට පෙර අවස්ථාවක කැඳවනු ලැබු අවස්ථාවේදී ඔහු අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහුට වරෙන්තු නිකුත් කළ අතර ඔහු  අධිකරණයේ 

පෙනී සිටිමින් වරෙන්තුව ආපසු කැඳවන ලෙස කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවරයා වරෙන්තුව ආපසු කැඳවීමට නියම කළේය. මෙම නඩුව ලබන අගොස්තු 08 වැනිදා යළි කැඳවීමටද විනිසුරුවරයා වැඩිදුරටත් නියම කළේය