(ඒ ජේ කරඳගොල්ල)
ලපනේ - රාගල මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් 50කට අධික පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි.
අම්පාරේ සිට නුවරඑළියේ සංචාරයකට පැමිණි පිරිසක් රැගත් බස් රථයක් වහඌව වංගුවේදි පාරෙන් ඉවතට පැන මෙම අනතුර සිදුවී ඇතැයි පොලිසිය පවසයි.
බස් රථයේ තිරිංග ගැටලුවක් නිසා මෙම අනතුර සිදුවී තිබෙන බවට පොලිසිය සැක කරයි.

