වරෙන්තුකරු අල්මාරියෙන් පොලිස් කූඩුවට


ඩබ්ලිව්.ඒ. අසේල
 
ළමා අපයෝජන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි වරෙන්තුකරුවකු නිවසේ අල්මාරියක් ඇතුළේ සැඟවී සිටියදී අද අත්අඩංගුවට ගත් බව තලාතුඔය පොලිසිය කියයි.
 
අද අලුයම හතරට පමණ පොලිසිය නිවසට ගොස් සැකකරු සොයා බලා ඇති අතර පසු ඔහු අල්මාරිය ඇතුළේ ගුලිවී සිටිය දී සොයාගෙන ඇත.
 
ළමා අපයෝජන සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර මහාධිකරණයේ ඇති නඩුවකට හා මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණයේ ඇති හෙරොයින් නඩුවකට මෙම සැකකරු අවශ්‍යව සිටි බව පොලිසිය පවසයි.