විනීතා එම් ගමගේ
පළාත් පාලන ආයතන සඳහා මහජනතාව ගෙවිය යුතු වරිපනම් ගාස්තු, බලපත්‍ර ගාස්තු, ගොඩනැඟිලි බලපත්‍ර අනුමත කර ගැනීම් වැනි කටයුතු රැසක් පරිගණක ජාලගත කිරීමේ වැඩසටහන යටතේ අන්තර් ජාලය ඔස්සේ ගෙවීමට අවශ්‍ය වැඩපිළිවෙලක් පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය මගින් සකස් කර ඇත.
පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශය යටතේ ඇති අයි සී ටී ඒ ආයතනය ඒකාබද්ධව ක්‍රියාත්මක කරන ඊ ලෝකල් ගවන්මන්ට් වැඩසටහන යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.
මෙමඟින් මහජනතාවට තම කාලය ඉතුරු කරගෙන, දුරකථන, ජංගම දුරකථන හෝ ණයපත් භාවිත කර තම නිවසේ සිටම ගෙවීමට පහසුකම් සැලසෙන අතර එමඟින් නගර වැසියන්ගේ වටිනා කාලය, ශ්‍රමය ඉතිරිවන අතරම මේ ආශ්‍රිතව සිදුවෙමින් පැවති දූෂණ සහ අක්‍රමිකතා ද අවම වනු ඇතැයි පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය කියයි.
2018 වසරේ පෙබරවාරි 01 දා සිට තෝරාගත් පළාත් පාලන ආයතන 30ක මෙම වැඩසටහන ක්‍රියාත්මක වන අතර මේ වසරේදීම තවත් පළාත් පාලන ආයතන 50ක දක්වා ව්‍යාප්ත කිරීමට කටයුතු කර ඇත. ඉතිරි පළාත් පාලන ආයතනවල ද කඩිනම් වැඩසටහනක් ලෙස මේ වැඩසටහන ව්‍යාප්ත කිරීම සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීම ද පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය හා විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශය එක්ව කටයුතු කිරීමට තීරණය කර ඇතැයි පළාත් පාලන සහ පළාත් පාලන අමාත්‍යංශයේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
මෙම ක්‍රමවේදය ඔස්සේ ගෙවීම් සිදු කිරීමට අපහසුතා ඇති අය සඳහා අදාළ පළාත් පාලන ආයතන 30හි අන්තර්ජාලය ඔස්සේ මුදල් ගෙවිම් කවුළුවක් විවෘතව තිඛෙන බව ද එම නිලධාරියා කීය.
එසේම කොළඹ මහ නගර සභාව ගොඩනැඟිලි බලපත්‍ර අනුමත කිරීම මෙම ක්‍රමය ඔස්සේ 2018 පෙබරවාරි 01 දා සිට ක්‍රිත්මක කිරීමට එකඟතාවය ප්‍රකාශ කර තිබෙන බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
පළාත් පාලන ආයතන සඳහා මහජනතාව ගෙවිය යුතු වරිපනම් ගාස්තු, බලපත්‍ර ගාස්තු ආදිය මෙන්ම ගොඩනැඟිලි බලපත්‍ර අනුමත කර ගැනීමේ ආදී අංශ රාශියක් පරිගණක ජාලගත කිරීමේ වැඩසටහන යටතේ මෙසේ ගෙවීමට අවශ්‍ය වැඩපිළිවෙළක් සකස් කර ඇති බව ද එම නිලධාරියා පැවැසීය.

