වරායේ රහසක් එළි කරයි


ජාතික පුර්ව රසායනික පාලක අධිකාරියේ අනුමැතියක් නොමැතිව මීට  වසර  දෙකකට  පෙර  කොළඹ  වරායේ තිබු “පොටෑසියම් පර්මැන්ගනේට්” යන රසායනික ද්‍රව්‍ය  දැවීමෙන්  සෑදෙන විෂ ද්‍රව්‍ය  තොගයක්  රඳවා  තිබු  බහාලුම්  හොර  රහසින් වරායෙන් පිටතට  ගෙනවිත්  විනාශ  කිරිමේ  වෑයමක්  අන්තරාදායක ඖෂධ පාලක මණ්ඩලයේ  සභාපති  වෛද්‍ය  නිලංග සමරසිංහ මහතා  හෙළි කළේය.

මෙම විෂ ද්‍රව්‍ය  රඳවා  තිබු  නැව සිංගප්පුරු වරායේ දී ගිනි ගෙන තිබු අතර  එය ආපසු  ලංකාවට  එවා ඇති  අතර  එය ගෙන්වු  ආනයනකරුවන් හොරෙන් වරායෙන් පිට කරගෙන දිවයිනේ  කිසියම් ප්‍රදේශයකට  ගෙන ගොස් විනාශ කිරිමේ  වැඩ පිළිවෙලක්  ඇති  බවත්  සමරසිංහ මහතා  කීවේය.

අධි විෂ සාන්ද්‍රණයකින්  යුතු  මෙම රසායනික විෂ ද්‍රව්‍ය  තොගය කිසියම්  භුමි

ප්‍රදේශයක පොළව යට වැළලුවහොත් එය තදින්ම බලපාන්නේ  භූගත ජලයට  සහ පසට  බවත්  වර්ථමානයේ  මුළු රටටම ව්‍යසනයක්  වු දිවයින පුරා සිඝ්‍රයෙන්  පැතිරෙන වකුගඩු රෝගයට  හේතුවන බවත් මෙම අනාරක්ෂිත ක්‍රියාදාමය කෙරෙහි  විමසිල්ලෙන්  බලා  සිට  එයට  එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බව ඔහු පැවසුවේය.