(යොහාන් භාසුර)
ප්‍රවාහන, මහාමාර්ග,වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය තානාපති ඛලීඩ් අල් අමේරි මහතා අතර විශේෂ හමුවක් වරාය පරිශ්‍රයේදී පැවැත්වුණි.
මෙරට වරාය හා ගුවන් සේවා සඳහා ආයෝජනය කිරීමට එක්සත් අරාබි එමිර් රාජ්‍යය කැමැත්තෙන් පසුවන බවක් වරාය නගරයේ නිර්මාණය කළ හැකි ගුවන් පර්යන්තයක් සඳහා ආයෝජනයට ද එකඟතාවය පළ බවත් එම අමාත්‍යාංශය පැවසීය.