වරාය නගරේ ලේඛන ඉල්ලයි


කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ  සියලු ගිවිසුම් හා ලේඛන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය අද(08) රජයට නියෝග කළේය.

වරාය නගර ව්‍යාපෘතිය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය ඉදිරිපත් කළ පෙත්සමක් කැඳවූ අවස්ථාවේ අභියාචනාධිකරණය මෙම නියෝගය කළේය.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා වරාය අධිකාරිය ,ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ,පරිසර අධිකාරිය ,නිතිපති ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

ඒ අනුව නොවැම්බර් මස 17 වැනි දින ලිපි ලේඛන අධිකරණයට ඉදිරිපත්කරන ලෙස අභියාචනාධිකරණය නීතිපතිට දැනුම් දුන්නේය.