වරාය නගර පනතේ ඡන්දය අද සවස


(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

කොළඹ වරාය නගර විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේ දී අද (20)පස්වරු 4:30 ට පැවැත්වීමට නියමිතය .

පනත් කෙටුම්පත පිළිබඳ විවාදය මේ මොහොතේ පැවැත්වේ .

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය අනුව සංශෝධන ඉදිරිපත් කර පනත් කෙටුම්පත සම්මත කර ගන්නා බව රජය පවසයි .