වරාය නගර පනත මුදල් සභාවට ඉදිරිපත් නොකිරීම වරදක්


(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )

කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට ඉදිරිපත් නොකිරීම බරපතළ වරදක් යැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී අද (19) පැවැසීය .

මේ පනත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ කොවිඩ් නීති කඩ කර යයිද එය ලොකු වරදක් යයිද ඔහු ප්‍රකාශ කළේය .

වරාය නගර කොමිසම රජය යටතට පත් කරන්නැයි තමා ඉල්ලීමක් කරන බව කී මන්ත්‍රීවරයා මූලික කරුණු අටට අවධානය යොමු කළහොත් මෙම පනතට සහාය දීමට සූදානම් යැයිද පැවැසුවේය .

මෙහි සම්පූර්ණ නියාමනය මහ බැංකුව සතුව තිබිය යුතු බව ද ඔහු කීය .