(අජන්ත කුමාර අගලකඩ)
කොළඹ වරාය නගර පනත් කෙටුම්පත විවාදයට ගැනෙන අද (19) සහ හෙට (20)ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන්ට පාර්ලිමේන්තුවේ රැඳී සිටීම අනිවාර්ය කර ඇත.
ඒ බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ආණ්ඩු පක්ෂයේ සියලුම මැති ඇමතිවරුන්ට දැනුම් දී ඇත.
කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාප කොමිෂන් සභා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී අදත් හෙටත් විවාදයට ගැන අතර ඒ පිළිබඳ ඡන්ද විමසීම හෙට පස්වරු 4:00 ට සිදු කෙරේ .
පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශ වලට යටත්ව, සංශෝධන සහිතව සම්මත කර ගැනීමට රජය තීරණය කර ඇත .

