(බෙලිහුල්ඔය ප්‍රින්ස් රත්නායක)
පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයේ බලපෑම බළන්ගොඩ ප්‍රදේශයටත් යොමුවීම නිසා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මගින් නයයාමේ අවදානම් පවතින ප්‍රදේශ ලෙස නම්කර ඇති බළන්ගොඩ ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 203 ක පුද්ගලයින් 744 ක් තාවකාලිකව එම ප්‍රදේශයන්ගෙන් ඉවත් කිරීමට ඉඹුල්පේ ප්‍රාදේශීය මහලේකම් කීර්ති ජයසිංහ මහතාගේ උපදෙස් පරිදි ආපදා සහන සේවා නිලධාරී අමිලසම්පත් විජේසිංහ ඇතුලු නිලධාරීහු පියවර ගත්හ.
ඉඹුල්පේ ප්‍රාදේශීය මහලේකම් බල ප්‍රදේශයේ උඩගම වසමේ පවුල් 23 ක පුද්ගලයින් 421 ක්, කට්ටඩිකන්ද වසම පවුල් 07 ක පුද්ගලයින් 23 මෙම අපදා තත්වය හමුවේ ඉවත්කිරීම ට පියවර ගෙන ඇත. මද්දෙගම වසමේ පවුල් 19 ක පුද්ගයින් 110 ක් හා පිඩලි ගන්නාවල වසම පවුල් 44 ක පුද්ගලයින් 147 ක් හා බොල්තුඹේ වසම පවුල් 10 ක් පුද්ගලයින් 37 ක් ආපදා තත්වයක් ඇතිවිය හැකි බැවින් එම පෙදෙස්වලින් ඉවත් කිරීමට පියවර ගෙන ඇත.
මෙම පිරිස අතරින් උඩගම වසමේ හැර ඉහත සඳහන් කළ වසම් හි පිරිස් වතු ජනපදිකයන්වේ. මෙම පිරිස් කඩිනමින් ආරක්ෂිත පියවරක් ලෙස උස්බිම් හා ඥාති නිවාසයන් වෙත පිටත්වන ලෙස උපදෙස් ලබා දී ඇත.බළන්ගොඩ මහලේකම් බල ප්‍රදේශයේ අවදානම් සහිත ප්‍රදේශ වූ පෙටිටිගල වතු ජනපදිකයින්ට අවධානයෙන් සිටින ලෙස ප්‍රාදේශීය මහලේකම් චම්පික නිරෝෂ් ධර්පාල මහතා දැනුම් දී තිබේ.
බළන්ගොඩ හා ප්‍රදේශ කීපයක පස්කඳු කඩා වැටීම් හා ගිලා බැසීම්, ගස්කඩා වැටීම මෙන්ම විදුලිය විසන්ධිවීම් කීපයක් වාර්තාවේ. රජවක කාසන් හන්ධිය ප්‍රධාන මාර්ගයේ සමනලවැව බලාගාරය දෙසට ඇති පාලමක් සම්පූර්ණයෙන් ම ගිලා බැස ඇත. 27 වැනි පාන්දර 2.00 ට පමණ පල්ලෙබැද්ද වැලිගෙපොල හරහා බළන්ගොඩ දක්වා වන ප්‍රධාන මාර්ගයට හා අධීබලැති විදුලි රැහැන් පද්ධතියක් මතට විශාල ගසක් පතිතවීමෙන් ගමනා ගමනය අවහිරව ඇත.

