වර්ෂාවෙන් අධිවේගි මාර්ගයන්හි අනතුරු වැඩිවෙයි



(රංජන් කස්තුරි )
 
 අධික වර්ෂාව හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ  සහ කටුනායක අධිවේගී මාර්ගයේ   අද (20) අනතුරු 07 ක් සිදු වී ඇතැයි  පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
 එම අනතුරුවලින්  5 ක්ම දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදු වු අනතුරු  වේ.


දක්ෂිණ අධීවේගී මාර්ගයේ  දොඩංගොඩ සහ ගැලනිගම අතර කොටසේදී  ජීප් රියක් මාර්ගයෙන් ඉවතට පැන ආරක්ෂක වැටේ ගැටීමෙන්  එහි ගමන්ගත් කුඩා දරුවකු ඇතුළු 4 ක් තුවාල  ලැබු බවද එම කුඩා දරුවා සහ කාන්තාවක් නාගොඩ රෝහලට ඇතුළු කළ බවද  හෙතෙම සඳහන් කළේය.