(විනීතා එම් ගමගේ)
කොරියාවේ සේවය කළ ශ‍්‍රී ලාංකික තරුණයෙක් (31) මාර්ග නීති උල්ලංඝණය කරමින් පදවා ගෙන ගිය යතුරුපැදියක් අනතුරට ලක් විමෙන් මියගොස් ඇතැයි එරට තානාපති කාර්යාලයීය ආරංචි මාර්ග සඳහන් කරයි.
මොහු පානදුර පදිංචිකරුවෙකු වන අතර නීත්‍යානුකූලව කොරියාවේ රැකියාවට ගිය අයෙකි.
අනතුරට ලක්වන අවස්ථාවේ ඔහු බලපත‍්‍රයක් නොමැති යතුරු පැදියක් පදවා ගෙන ගොස් ඇති අතර ඔහුට ද රියැදුරු බලපත‍්‍රයක් තිබී නොමැති බැව් වාර්තාවේ. මාර්ගයේ නැවතීමේ සංඥා තිබියදී යතුරුපැදිය ධාවනය කරද්දී මෙම අනතුර සිදුව ඇත.
මෘත ශරීරය මේ වනවිටත් එරට මෘත ශරීරාගාරයක තබා ඇති අතර ඔහුගේ රෝහල් බිල පමණක් ලක්ෂ 42 ක් ඉක්මවා ඇතැයි තානාපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.
එහෙත් මාර්ග නීති උල්ලංඝණය කරමින් රිය පැදවීම, වලංගු බලපත‍්‍ර නැතිව රිය පැදවීම වැනි චෝදනා ගණනාවක් මොහුට එරෙහිව ගොනුවී තිබිම නිසා රක්ෂණ මුදලක් හෝ වෙනත් කිසිදු වන්දි මුදලක් ලබා ගත නොහැකි වන බවත් මේ නිසා මේ වනවිට රෝහල් ගාස්තු ගෙවීම පවා ප‍්‍රශ්නයක් වී ඇති බවත් තතානාපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.
රටේ නීති රීතිවලට අවනතව කටයුතු කරන ලෙසත් නීති විරෝධී වැඩවලින් ඉවත් වන ලෙසත් රටේ ගෞරවය රැකෙන පරිදි කටයුතු කරන ලෙසත් කොරියාවේ සේවය කරන සියලූ ශ්‍රී ලාංකිකයින් ගෙන් ඉල්ලා සිටින බව තානාපති සේවයේ නිලධාරියෙක් පැවැසීය.

