විනීතා එම් ගමගේ
ආහාර හා බීම වර්ගවල ඇති ලුණු හා තෙල් ප්‍රමාණය සඳහන් වර්ණ සංකේත ක්‍රමය අප්‍රෙල් 2 වැනි දා සිට අනිවාර්ය කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
මීට පෙර 2016 වසරේ සිට සීනි ප්‍රමාණය සඳහන් වර්ණ සංකේත ක්‍රමය අනිවාර්ය වී ඇති අතර අප්‍රේල් 2 වැනි දා සිට සීනි තෙල් හා ලුණු අඩංගු ප්‍රමාණයන් වර්ණ සංකේත අනුසාරයෙන් සටහන් කිරීම අනිවාර්ය වන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ නියේජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (ආහාර පාලන) විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මන් ගම්ලත් මහතා ප්‍රකාශ කළේය.
මේ අනුව ග්‍රෑම් සියයකට සීනි ග්‍රෑම් 22 කට වඩා වැඩි ප්‍රමාණයක් ඇත්නම් රතු වර්ණ සංඥාව ද ග්‍රෑම් සියයකට සීනි ග්‍රෑම් අටේ සිට 22 දක්වා ඇත්නම් මධ්‍යම ප්‍රමාණය හැඟවෙන කහ පැහැ වර්ණ සංඥාව ද, එම ප්‍රමාණය ග්‍රෑම් 8 ට වඩා අඩු නම් එහි කොළ පැහැති වර්ණ සංඥාව ද සඳහන් කළ යුතු බව ද හෙතෙම සඳහන් කළේය.
ලුණු සඳහා නම් ග්‍රෑම් සියයකට ලුණු ග්‍රෑම් 1.25 කට වඩා වැඩිපුර අඩංගු නම් එහි රතු පැහැ වර්ණ සංඥාව ද යෙදිය යුතු අතර ග්‍රෑම් සියයකට ලුණු ග්‍රෑම් 1.25 සිට .25 දක්වා ඇත්නම් කහ පැහැ වර්ණ සංඥාව ද 25 ට අඩු නම් කොළ පැහැ වර්ණ සංඥාව ද යෙදිය යුතු බව ද වෛද්‍ය ලක්ෂ්මන් ගම්ලත් පැමැසීය.
මේදය සඳහා වන රෙගුලාසි යටතේ සෑම ග්‍රෑම් සියයකටම මේදය ග්‍රෑම් 17.5 ද ට වඩා වැඩිනම් රතු පැහැ වර්ණ සංඥාව ද, ග්‍රෑම් සියයකට මේදය ග්‍රෑම් 17.5 සිට 3 ක් දක්වා ප්‍රමාණ සඳහා මධ්‍යම ප්‍රමාණය හැඟවෙන කහ පැහැ වර්ණ සංඥාව ද, ග්‍රෑම් තුනට වඩා අඩුනම් කොළ පැහැ වර්ණ සංඥාව ද යෙදිම අනිවාර්ය වේ.
කෙසේ වෙතත් කිරි එළවළු පළතුරු, සහල්, කුඩා වර්ගයේ පැකැට්ටු තළ ඇති ආහාර, තේ, කෝපි, වතුර බෝතල් වෛද්‍යවරුන් විසින් නියම කරන ආහාර, ආහාර තොග අසුරණ ළදරු කිරි ආහාර ආදිය සඳහා මෙම රෙගුලාසි බලාත්මක නොවේ.
නව නීතිය අප්‍රේල් 5 වනිදා සිට අනිවාර්යයෙන් ක්‍රියාත්මක වන බව නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා තවදුරටත් සඳහන් කළේය.
ගම්ලත් මහතා මේ අදහස් පළ කළේ සෞධ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (17) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

