වර්ජනයෙන් ලංගමට ගජ වාසි


පුද්ගලික බස් රථ වර්ජනය ක්‍රියාත්මක වූ සදුදා(13) ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ දිනක ආදායම සියයට 100 කින් ඉහළ ගිය බව ශ්‍රී ලංගම සභාපති ශෂි වෙල්ගම මහතා කියයි. සාමාන්‍ය දිනකදී ශ්‍රී ලංගමය රුපියල් කෝටි හතරක ආදායමක් ලබන නමුත් සඳුදා ආදායම රුපියල් කෝටි 8 ඉක්මවා ඇතැයිද සභාපති පවසයි. ලංගම බස්රථ 5000ක් පමණ ධාවනයට එක්කළෝය.