හෙද හෙදියනට සූතිකා පුහුණුව සම්බන්ධයෙන් ඇතිවූ ගැටළුවට විසඳුම් ඉල්ලා ආරම්භ කර වැඩ වර්ජනය ඉතා සාර්ථක බව රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාති සමන් රත්නප්‍රිය මහතා පවසයි. කෙසේ වුවද හදිසි සේවා, කොළඹ කාසල් රෝහල ළමා රෝහල මහරගම පිළිකාරෝහලේ කටයුතුවලට මෙම වර්ජනයෙන් බාධාවක් එල්ල නොවු බව ඔහු කියයි. අද (3) දිනයේ පමණක් රෝහල් කිහිපයක හදිසි සැත්කම් කිහිපයක් සිදු කිළබවත් ඊට වර්ජනයට එක්ව සිටින හෙද හෙදියන්ගේ සහාය ලැබුණු බවට ඔහු සඳහන් කරයි. මෙම වර්ජනයට අකමැති බවත් මෙම ගැටළුව හැකි ඉක්මණින් විසැදෑමට කටයුතු කරන ලෙස ද ඔහු බලධාරින්ගෙන් ඉල්ලා සිටියි.
මේ අතර හලාවත රෝහලේ හෙදියන් කළ යුතු ඇතැම් සේවා සේවා වෛද්‍යවරුන් විසින් සිදු කිරීම නිසා එම රෝහල්වලට මෙම වර්ජනයෙන් බාධාවක් එල්ල නොවූ බව හලාවත රෝහලේ වෛද්‍යවරු පවසති.
අනුරාධපුර රෝහල
පුත්තලම රෝහල

