(බිඟුන් මේනක ගමගේ)
ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරිවරුන්ගේ ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකුගේ හා නිලධාරිනියකගේ වෘත්තීය හැසිරීම සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් කරන්නැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා එහි පාලක මණ්ඩලයට නියෝග කර මාස හතකට වඩා ඉක්ම ගොස් ඇතත් එවැනි විමර්ශනයක් සිදුව නැතැයි එම ආයතනයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
විමර්ශනය මෙසේ අතරමග නතරවීමට ආණ්ඩු වෙනසින් පසුව ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරිවරුන්ගේ ආයතනය මුදල් අමාත්‍යාංශය යටතට ගැසට් කිරීම හේතු වී යැයි එම ආයතනයේ නිලධාරියෙක් 'ලංකාදීප' යට පැවසීය.
නිලධාරියාට චෝදනා එල්ල වී ඇත්තේ ළමා අපයෝජන සිදුවීමක් සම්බන්ධයෙන් වන අතර නිලධාරිනියගේ පූර්ව වෘත්තීය ක්‍රියා කලාපය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත.
මොවුන් ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරිවරුන්ගේ ආයතනයට සම්බන්ධ වීමේදී මෙම කරුණු සැඟවී දැයි සෙවීම හා ඊට අදාළ වාර්තාවක් සැකැසීම මෙම විමර්ශනයේ අරමුණු විය.