කොළඹ නෙළුම් පොකුණ රඟහළ ඉදිරිපිට මාර්ගය ආනන්ද කුමාරස්වාමී මාවත ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (10) විවෘත කළේය.
පසුගිය රජය මගින් එම මාර්ගය නෙළුම් පොකුණ මාවත ලෙස නම් කර තිබු අතර එය ඉතිහාසඥයකු මෙන්ම ප්‍රවීණ විද්වතකු වන නැසීගිය ආනන්ද කුමාරස්වාමි මහතාට අවමන් කිරීමකියි අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.
ජනධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත මෙම මාර්ග යළි ආනන්ද කුමාරස්වාමී මාවත ලෙස කොළඹ මහ නගර සභාව විසින් නම් කැරිණි.
අමාත්‍යවරුන් වන කරූ ජයසුරිය,සුජීව සේරසිංහ,ඩී.එම් ස්වාමිනාදන් මහත්වරු ඇතුළු පිරිසක්ද මේ අවස්ථාවට එක්වුහ.






