ශ්‍රී ලංකා නාවික හමුදාවේ 20 වැනි නාවික හමුදාපතිවරයා වශයෙන් පත් කෙරුණු වයිස් අද්මිරාල් රවීන්ද්‍ර සී විජේගුණරත්න අද වැඩ බාර ගත්තේය. නව නාවික හමුදා පතිවරයා පිළිගැනීමට සහ හිටපු නාවික හමුදාපති අද්මිරාල් ජයන්ත පෙරේරා සේවයට සමුදීම වෙනුවෙන් උත්සවයක් ද නාවික හමුදා මූලස්ථානයේ දී අද පැවැත්විණි.





