වයිරසයෙන් ඉන්දුනීසියාවේ 19ක් මිය ගිහින් - ආසාදිතයන් 227යි


ඉන්දුනීසියාවේ කොරෝනා වයිරසයෙන් මියගිය සංඛ්‍යාව 19 දක්වා ඉහළ ගොස් ඇති අතර, මේවනවිට ආසාදිත පුද්ගලයෝ 227දෙනෙක් සිටිති.

අද(18) දිනය තුළ අලුතින් ආසාදිතයන් 55 ක් වාර්තා වී තිබේ. බලධාරීන් පවසන්නේ එය ඉන්දුනීසියාවේ එක් දිනක් තුළ වාර්තා වූ වැඩිම රෝගීන් සංඛ්‍යාව බවයි.

ඉන්දුනීසියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරියෙකු වන අච්මාඩ් යූරියන්ටෝ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ පළාත් හතකින් කෝරානා වයිරසයෙන් මිය ගිය පුද්ගලයන් වාර්තා වී ඇති බවයි.

රෝගීන් 11 දෙනෙකු සුවය ලබා ඇතැයි ද ඔහු වැඩිදුරටත් පැවසීය.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)