වයස් සීමාව නොසලකන්නැයි විරෝධතා


(රවී ලියනගේ)

දකුණු පළාතේ රැකියා විරහිත උපාධිධාරීන් බදවා ගැනීමේ දී වයස අවුරුදු 35 සීමාව නොසලකා හරින ලෙස ඉල්ලා දකුණු පළාතේ රැකියා විරහිත උපාධිධාරිහු පිරිසක් අද (24) දකුණු පළාත් සභාව ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වුහ.

දකුණු පළාත් සභාවේ මාසික රැස්වීම ඒ වන විට පැවැත්වෙමින් තිබු අතර විරෝධතාකරුවෝ පළාත් සභාවේ ප්‍රධාන දොරටුව අවහිර කළහ.

පැයකට වැඩි කාලයක් මෙසේ උදඝෝෂණයේ නිරත වීමෙන් පසු පළාත් ඇමතිවරයා හමුවීමට විරෝධතාකරුවන් පිරිසකට අවස්ථාව ලැබුණු අතර ඒ අනුව උද්ඝෝෂණය  අවසන් විය.