පළමු ප්‍රධාන අමාත්‍යවරයකු, විපක්ෂනායකවරයකු, සභාපතිවරයකු සහ උප සභාපතිවරයකු නොමැතිව වයඹ පළාත් සභා ඉතිහාසයේ වසර තිහකට පසුව පැවැති මුල් මාසික රැස්වීම අද (08) මිනිත්තු 45කට සීමාවිය.
මහා ඇමැති වු දයාසිරි ජයසේකර, විපක්ෂ නායක ජේ.සී.අලවතුවල මහත්වරු මහා මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරි පත් වුහ. සභාපතිවරයා වු ධර්මසිරි දසනායක මහතා වයඹ නව ප්‍රධාන අමාත්‍යවරයා ලෙස පත්විය. උප සභාපති වන ටිකිරි අධිකාරි මහතා රෝහල් ගත වී සිටියි.
ජ්‍යෙෂ්ඨතම මන්ත්‍රීවරයා ලෙස සැළකෙන පින්සිරි රාමනායක මහතා වැඩ බලන සභාපතිවරයා ලෙස අද රැස්වීමේ මුලසුන ගත්තේය.
එජාප මන්ත්‍රී , ප්‍රසන්න ශමල් සෙනරත් මහතා විපක්ෂ නායක ලෙස පත් කීරිමට නියමිතය.
වයඹ පළාත් ධීවර හා කෘෂිකර්ම අමාත්‍ය ධුරයද පුරප්පාඩුව පවතී. සනත් නිශාන්ත පෙරේරා මහතා පාර්ලිමේන්තුවට පත්වීම නිසා ධිවර හා කෘෂිකර්ම අමාත්‍ය ධුරය පුරප්පාඩු පවතී.

