(පුෂ්පකුමාර ජයරත්න)
පිස්තෝලයක් නිතිවිරෝධී ආකාරයෙන් භාවිතා කිරිමේ චෝදනාවට ලක්ව සිටින වයඹ පළාත් සභාවේ සභාපති ටිකිරි අධිකාරි මහතාව අත්අඩංගුවට ගැනීමේ සුදානමක් පවතින බවට තොරතුරු පැතිරයාමක් හේතුවෙන් අද (17) පැවති මාසික සභා රැස්වීමට සහභාගී විමෙන් වැළකී සිටියේය.
සභාපතිවරයා නිවාඩු ඉල්ලා ඇති බව සභානායකවරයා වෙනුවට පෙනී සිටි ආණ්ඩු පක්ෂ මන්ත්‍රී සමන්ප්‍රිය හේරත් මහතා සභාවට දැනුම් දුන්නේය.
ටිකිරි අධිකාරි මහතාගේ නොපැමිණීම හේතුවෙන් උප සභාපති සෝමසිරි ගුණතිලක මහතා සභා රැස්වීම මෙහෙයවීය.
පොල්ගහවෙල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක අනුරාධ හේවගේ මහතාගේ ආධාරකරුවකුට පිස්තෝලයක් පෙන්වා තර්ජනය කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටින ටිකිරි අධිකාර මහතාගේ රියදුරා සහ ආධාරකරුවකු රිමාන්ඩ් ගත කිරිමෙන් පසු ඇප මත මුදා හැර සිටින බවත් තර්ජනය කිරිමට යොදා ගන්නා පිස්තෝලය ටිකිරි අධීකාරි මහතාට අයත් බවත් වාර්තා විය.

