වසර 30ක් තිස්සේ වයඹ මහ ඇමැති යටතේ තිබූ අධ්‍යාපන ඇමැති ධුරය සන්ධ්‍යකුමාර් රාජපක්ෂ මහතාට හිමි විය.
එහි සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමැති පදවිය ටී බී හේරත් මහතාගෙන් ඉවත් කර ලක්ෂ්මන් වෙඬරුවට පවරා ඇත.
කෘෂිකර්ම හා ධීවර ඇමැතිවරයා වූ සම්පත් නිශාන්ත පෙරේරා පාර්ලිමේන්තුවට තේරී පත්වීමෙන් හිස්වූ ඇමැති පදවිය ජූඩ් සුමල් තිසේරාට ලැබිණි.
හිටපු මහ අමැති දයාසිරි ජයසේකර පාර්ලිමේන්තුවට තේරී පත් වීමෙන් පසු ධර්මසිරි දසනායක මහ ඇමැති ලෙස පත් කරනු ලැබීය.

