වයඹ ප්‍රධාන අමාත්‍ය ධුරය අතහැර නැවත පාර්ලිමේන්තු මැතිවරණයකට ඉදිරිපත් නොවන බව වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කියයි.
‘මම මේ අවුරුදු පහම වයඹ පළාත් සභාවේ වැඩ කරනවා. ලබන මහ මැතිවරණයේ දී මම ඡන්දේ ඉල්ලන්නේ නැහැ.
මා ප්‍රාදේශීය සභාවේ ඉන්නකොට මගේ පඩිය තිබුණේ රුපියල් 1000යි. ඊට පස්සේ 3000 වුණා. ඊටත් පස්සේ 5000 වෙලා. දැන් 8000යි. ඒ මුදලට රුපියල් 3000ක් එකතු කරල මම මන්ත්‍රීවරුනට දුන්නා. වයඹ පළාතේ සියලුම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුනට යතුරු පැදියක් ලබා දීමටත් වැඩ පිළිවෙළක් සකස් කර තිබෙනවා.‘

