වයඹ පළාත් මන්ත්‍රීත් රිමාන්ඩ්


අතින් පයින් හා පොලුවලින් දෙදෙනකුට පහර දුන්නේයැයි සැකපිට වයඹ පළාත් සභා මන්ත්‍රී ඩී කමල් ඉන්දික ඇතුළු පස් දෙනෙක් කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා විසින් රිමාන්ඩ් කරනු ලැබූහ.

බී ලසන්ත,
 එස් එච් ජයසේන තිලකරත්න, ඩී ආර් කේ අසේල දිසානායක හා ඩබ්ලිව් එම් එස් සංජය විජේසූරිය රිමාන්ඩ් කරනු ලැබූ සෙසු සැකකරුවෝ වෙති.

පළාත් සභා මන්ත්‍රී ඇතුළු පිරිස ගමන් ගත් වාහනයේ වැලි ලොරියක් ගැටීමෙන් පසු ලොරි රථයේ සිටි දෙදෙනකුට ඔවුන් පහර දී ඇතැයි පොලිසිය අධිකරණයට දැන්වීය.