(ජුඩ් සමන්ත)
වයඹ පළාත් සභා මන්ත්‍රී පාලිත රෝහණ මහතාට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හලාවත ප්‍රාදේශීය සභාවේ පොදු ජන පෙරමුණ සභික සුනිල් පාරිස් මහතා පොලිස් ඇප මත මුදා හැරීමට මාදම්පේ අද (08) පොලීසිය කටයුතු කර ඇත.
පසුගිය 06 වැනිදා හලාවත ප්‍රාදේශීය සභාවේ මාදම්පේ පිහිටි ප්‍රධාන කාර්යාලයේදී මෙම පහර දීම සිදු කර තිබිණි.
හලාවත ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස පොදු ජන පෙරමුණ පක්ෂයෙන් නම් කර ඇති සරත් සිල්වා මහතා පිළි ගැනීමේ උත්සවයේදී කිසියම් අයෙකු තමන්ට පහර දුන් බවට වයඹ පළාත් සභා මන්ත්‍රී පාලිත රෝහණ මහතා විසින්
මාදම්පේ පොලීසියට පැමිණිළි කර තිබිණි.
එම අවස්ථාව ආවරණය කළ මාධ්‍යවේදීන්ගේ වීඩියෝ දර්ශනද විමර්ශන කටයුතු සදහා පොලීසිය යොදා ගෙන ඇත.