(රංජන් කස්තුරි)
වයඹ පළාත් ආණ්ඩුකාරවරයා පාසල් සිසුන්ට අභ්‍යාස පොත් අලෙවිකර වයඹ පළාතේ අධ්‍යාපන සංවර්ධන අරමුදලට මුදල් එකතුකර දෙන්නැයි පාසල් ප්‍රධානීන්ට නියෝග කර තිබේ.
එක්තරා මුදණ ආයතනයකින් අභ්‍යාස පොත් තොගවශයෙන් ගෙන කොට්ඨාශ කාර්යාල හරහා පාසල්වලට හෙට (18) සිට බෙදා හැරීමට නියමිත අතර ඊට සිය විරෝධය දක්වන බව ලංකා විදුහල්පති සංගමයේ ලේකම් පියසිරි ප්‍රනාන්දු මහතා ලංකාදීපයට පැවැසීය.
වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ කොට්ඨාස භාර නිලධාරියා හෙට (18) සහ අනිද්දා (19) මේ මස 22 වැනිදාත් එම අභ්‍යාස පොත් රැගෙන පාසල්වලට පැමිණෙන අතර ඒවා බාරගෙන සිසුන්ට අලෙවි කරන ලෙසද වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙකු චක්‍රලේඛයක් මගින් කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත දන්වා තිබෙන බවද පියසිරි ප්‍රනාන්දු මහතා කීය.
අභ්‍යාස පොත් අලෙවි කර එම මුදල් මේ මස 30 වැනිදින කොට්ඨාස කාර්යාලවලට රැගෙන එන ලෙසද එම චක්‍රලේඛය මගින් ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයා දැනුම් දී ඇතැයිද හෙතෙම පැවැසීය.
පාසල්වාරය අවසන්වල දින කිහිපයේදී එලෙස අභ්‍යාස පොත් සිසුන්ට අලෙවි කළ නොහැකි බවද එය ගුරුවරුන්ට හා සිසුන්ට අනවශ්‍ය බර පැටවීමකැයිද පියසිරි ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

