පසුගිය කාලයේ ඇතිවූ අධික වර්ෂාවට එළවළු වගා විනාශ වීමත් ඉල්ලුම වැඩිවීමත් සමග එළවළු මිල ඉහළ යමින් පවතින වෙළෙන්දෝ කියති.
පෙරදින උදේ අටට රුපියල් 150ක් වූ බෝංචි කිලෝව පස්වරු 10 වන විට රුපියල් 220 දක්වා ඉහළ ගියේය.
කැකිරි පිපිඤ්ඤා හා දෙහි හැරෙන්නට සියලු එළවළු වර්ගලවල කිලෝවක තොග මිල රුපියල් සියයකට ද ඉහළ මිලක් පවතී. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ සභාපති යූ බී ඒකනායක මහතා කියනුයේ මාර්තු මාසය දක්වා එළවළු මිලෙහි අඩුවක් නොවන බවයි.
අද උදේ වම්බටු කිලෝව රුපියල් 120කි. පස්වරු 2.00 වන විට රුපියල් 220ක් දක්වා වැඩි විය. එහි ඉහළම මිල වාර්තා වූයේ ගියවසරේදීය. එය රුපියල් 180කි.
අද උදේ පතෝල මිල රුපියල් 60කි. පස්වරු 2 වන විට රුපියල් 120 දක්වා ඉහළ ගියේය.

