නව මැතිවරණ ක්‍රමයක් හඳුනවා දෙන 20 වැනි ආණ්ඩ්‍රුකම ව්‍යවස්ථා සංශෝධනයට සහය ලබාදීමට වාමාංශීක පක්ෂ තීරණය කර තිබේ.
පවතින මනාප මැතිවරණ ක්‍රමය වෙනුවට ගෙන එන කේවල හා අනුපාත මිශ්‍ර ක්‍රමයට තම සහය දෙන බව වාමාංශික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන ලංකා සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ , ශ්‍රි ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර සහ ප්‍රජාත්‍රන්තවාදී වාමාංශීක පෙරමුණේ ප්‍රධාන ලේකම් වාසුදේව නානයක්කාර යන මහත්වරු මාධ්‍ය හමුවක් පවත්වමින් අද (08) පෙරවරුවේ පැවසුහ.
කොළඹ 08 , බොරැල්ලේ පිහිටි ආචාර්ය ඇන්.ඇම් පෙරේරා කේන්ද්‍රයේ දී පැවති මෙම මාධ්‍ය හමුවට ශ්‍රි ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි ඩිලාන් පෙරේරා මහතාද සහභාගී විය.
වැදගත් ඓතිහාසික අවස්ථාවක් ලෙස සළකා 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පාර්ලිමේන්තුවේදි ඡන්දය දෙන බව ඔවුහු පැවසුහ.
වාසුදේව නානයක්කාර හා ඩිලාන් පෙරේරා මහත්වරුන් පැවසුවේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සමඟ අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගය ද ඉදිරියට ගෙන යා යුතු බවයි.
විශ්වාසභංගය මඟින් අගමැතිවරයා ඉවත් කර එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයක් යටතේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගත යුතු බව ද ඔවුහු පැවසුහ.





