වඳුරෝ - රිලව් පොල් වගාව වනසනවා


නාවික හමුදාපතිවරයාට සේවා දිගුවක් ...

(ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජුලිගේ)

වඳුරන්ගෙන් හා රිලවුන්ගෙන් විශාල වගා හානියක් වන බවත් උන් විසින් පොල් වලු ලක්ෂ 10 ක පමණ අස්වැන්නක් දිනපතා රටට අහිමි කරන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (21) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

තමන් කෘෂිකර්ම ඇමතිවරයාව සිටි සමයේ වඳුරන් හා රිලවුන් ලක්ෂ 11ක් පමණ සිටි බව කී හිටපු ජනාධිපතිවරයා එම සතුන් දිනපතා පොල් වගාවල කුඩා පොල්ඇට්ටි වලුගණනින් විනාශ කරන බව ද සඳහන් කළේය. ශ්‍රී ලංකාවේ කෘෂි නිෂ්පාදනයන්ගෙන් හ‍තරෙන් එකක් පමණ සතුන් විසින් විනාශ කරන බව ද මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

වෙනත් රටවල නම් වගාවන්ට හානි කරන සතුන් විනාශ කරන නමුත් බෞද්ධ ආගමික පදනමක් ඇති ශ්‍රී ලංකාව තුළ එවැන්නක් නොකෙරෙන බවත්, සතුන්ට කන්නට දී ජනතාව බඩගින්නේ සිටින එකම රට ශ්‍රී ලංකාව විහ හැකි බවත් සඳහන් කළේය.