
(සිරිනිහාල් ගමගේ)
වදුරඹ නගරය ආශ්‍රිත රජයේ හා පුද්ගලික ආයතන සේවකයන්,ජංගම වෙළදුන් අහඹු ගෙන සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකදී කොරෝනා ආසාදිතයන් 11 දෙනකුට කොරෝනා වයිසරය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බව සෞඛ්‍ය අංශ පවසයි.
මොවුන් අතර වදුරඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආරක්ෂක නිළධාරියකු, ඇගළුම් ආයතනයක සේවිකාවක්, තේ කර්මාන්ත ශාලා දෙකක සේවකයන් හා ජංගම වෙළදුන් සිටින බවත් ඔවුන් කිසිවකු තමන්ට කොවිඩ් ආසාදනය වී ඇති බවට නොදන්නා බවත් කිසිදු රෝග ලක්ෂණයක් නොමැති බවත් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක කේ. පී. නවරත්න මහතා පැවසීය.

