දෙපිරිසක් අතර ආරවුලක් විසඳීමට ගිය නිතීඥයකුට කඩු පහර වැදීමෙන් තුවාල ලබා පේරාදෙණිය රෝහලට ඇතුළු කළ බව කඩුගන්නාව පොලිසිය කියයි.
කොළඹ මහනුවර පාරේ පිළිමතලාව නගරයට ආසන්නයේ මුදල් ආරවුලක් සම්බන්ධයෙන් දෙපිරිසක් අතර ඇති වු ආරවුලක් විසඳීමට යද්දී පිළිමතලාව පඬරැල්දෙණිය අසලදි කඩුවකින් කපා පොලුවලින්ද ගසා ඇතැයි පොලිසිය කියයි.
ප්‍රධාන මහේස්ත්‍රාත් වසන්ත කුමාර මහතා නියෝග කළේ අත්අඩංගුවට ගත් සැකකාරිය ලබන 30 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර කරන ලෙසයි. එදිනට හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත්‍රාත් නියම කළේය.
තවත් සැකකරුවන් දෙදෙනකු සොයා පොලිසිය පරීක්ෂණ පවත්වයි.

