
(යොහාන් භාසුර)
අන්තර්ජාතික ක්‍රිකට් සභාව (අයි.සී.සී.) නම් කළ 2021 වසරේ ලෝක එක්දින ක්‍රිකට් කණ්ඩායමට ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග සහ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ඇතුළත්ව සිටිති.
වනිඳු, අන්තර්ජාතික ක්‍රිකට් සභාව නම් කළ 2021 වසරේ ලෝක විස්සයි20 ක්‍රිකට් කණ්ඩායමටත් ඇතුළත් විය.
මෙම කණ්ඩායමේ නායකයා ලෙස ලෝක විස්සයි20 පිලේ නායක පාකිස්තානු පිතිකරු බාබර් අසාම් නම් කිරීම කැපී පෙනේ.
අන්තර්ජාතික ක්‍රිකට් සභාව නම් කළ 2021 වසරේ ලෝක එක්දින ක්‍රිකට් කණ්ඩායම:
පෝල් ස්ටර්ලින්, ජැන්නෙමන් මැලන්, බාබර් අසාම් (නායක), ෆකාර් අසාම්, රසී වෑන්ඩර්සන්, ශකීබ් අල් හසන්, මුෂ්ෆිකුර් රහීම්, වනිඳු හසරංග, මුෂ්ෆිකුර් රහමන්, සිමි සිං සහ දුෂ්මන්ත චමීර

