වනාන්තර වලට සිදුවන හානි ගැන දැනුම් දෙන්න දුරකථන අංකයක්


(නිමල කොඩිතුවක්කු)

වනජීවි හා වන සංරක්ෂණය සම්බන්ධයෙන් ඇති පැමිණිලි ලබාදීම සඳහා වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යාංශය විසින්  1992 දුරකථන ඇමතුම් අංකය හඳුන්වා දී තිබේ.

ඒ අනුව කැලෑ ගිනි තැබීම්, කැලෑ එළිකිරීම්, සතුන් දඩයම් කිරීම් වැනි සිද්ධීන් සම්බන්ධයෙන් වන පැමිණිලි මෙම කෙටි ඇමතුම් අංකය වෙත ඉදිරිපත් කළ හැකි බව වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යාංශය සඳහන්  කරයි.

එම දුරකථන අංකය පැය 24 පුරාම ක්‍රියාත්මක වන බව ද අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටියි.