වන්නි ලූනු කිලෝව 30ටත් දෙන්න බෑ


වව්නියාව වෙළඳපොළේ රතු ලූනු මිල පහළ බැසීම හේතුවෙන් තම අස්වනු අලෙවිකරගත නොහැකි වී ඇතැයි ගොවීහු පවසති.

අක්කර 18000කට ආසන්න ප්‍රමාණයක් වගා කර ඇති බවත් වව්නියාවේ රතු ලූනු කිලෝවක තොග මිල රුපියල් 30ක් වන අතර ඒ හේතුවෙන් වගාකිරීමේ සිට අස්වනු නෙළීම දක්වා වූ වියදම්වූ මුදලවත් සොයාගත නොහැකිව ඇතැයි ගොවීහු කියති.