මූල්‍ය අපරාධ විමර්ශන අංශයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කර සිටින තමා නිදහස් කරන්නැයි හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීමේ විනිසුරු මඩුල්ලට සහභාගී නොවන බව ඊවා වනසුන්දර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරිය දන්වා තිබේ.
ඒ අනුව බදාදා (27) එම පෙත්සම අගවිනිසුරු කේ ශ්‍රී පවන්, ප්‍රියසාත් ඩෙෆ් සහ රෝහිනී මාරසිංහ යන විනිසුරුවරුන් හමුවේ කැඳැවීමට නියමිතය.

